CSR Projects

CSR Projects

Dalada Maligawa Project

2021 වසරේදී කොරෝනාවෛරසය හේතුවෙන් රටේ බොහෝමයක් ස්ථාන සීමිත පිරිසකට පමණක් විවෘතව පැවතුණා. එම අවස්ථාවේදී මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කළ සුවිශේෂ පූජෝත්සවයක් සඳහා දායකත්වය ලබා දීමට අපට හැකි වුණා. ඒ සුවිශේෂ අවස්ථාව අපට ලබා දීම වෙනුවෙන් අනුෂ්ක ගුණසෝම මහතා සහ යශෝධි සිරිවර්ධන මහත්මියට අපගේ ස්තුතිය පුද කර සිටිනවා.

Katharagama project

කොරෝනාවෛරසය හේතුවෙන් ආර්ථික අපහසුතා සහිතව ජීවත් වූ පවුල් රැසකට සහ පන්සල් සඳහා ආධාර උපකාර කිරීමටත්, වියළි ආහාර පරිත්‍යාග කිරීමටත් 2020 වසරේදී අපට හැකි වුණා. එම කර්තව්‍යය වෙනුවෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ඉඳුනිල් කෞෂාල් මහතා අපට සහයෝගය ලබා දුන් අතර ඔහුට ඒ වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙනවා.

Katharagama 2 project

කතරගම ප්‍රදේශයේ ආර්ථික අපහසුතා සහිත පවුල් සඳහාත්, පන්සල් සඳහාත් ආධාර ලබා දීමට 2021 වර්ෂයේදීත් අපට හැකියාව ලැබුණා. කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ සහයෝගය එම කර්තව්‍යය වෙනුවෙන් ලබා දීම පිළිබඳව ඉඳුනිල් කෞෂාල් මහතාට අපගේ ස්තුතිය පුද කර සිටිනවා.

Nawagamuwa Hospital Project

කොරෝනාවෛරසය හේතුවෙන් රටේ රෝහල් පද්ධතිය දැඩි අසීරුතාවලට මුහුණ දුන් කාලයක නවගමුව ප්‍රාදේශීය රෝහලට අත්‍යවශ්‍යව තිබූ භාණ්ඩ සහ උපකරණ රෝහලට පරිත්‍යාග කරන්නට අප කටයුතු කළා. ඒ වෙනුවෙන් එම රෝහලේ වෛද්‍ය නන්දකුමාර මහතාට අපගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා.